වොලී බැස්ටියන්ස් (1914-1985)

“වොලී බැස්ටියන්ස්” 1914 ජුනි 9 වන දින ශ්‍රී ලංකාවේ ගාල්ල සහ ගින්තොට අතර වෙරළට කිලෝමීටර් 2 ක් පමණ උතුරින් පිහිටි පියදිගම නම් කුඩා ගම්මානයේ උපත ලැබීය. වොලී 1940 ගණන්වල ශ්‍රී ලංකාවේ “කෝරස් බයිලා” ශෛලිය වර්ධනය කළ ගායක-ගීත රචකයෙකි. බැස්ටියන්ස් ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන අංශයට අනුයුක්තව සිටි නිලධාරියෙකි. මෙයිින් ඔහුට එවකට ජනප්‍රිය ජාත්‍යන්තර සංගීතය සහ තනු වලට නිරාවරණය වීමේ අවකාශය ලැබුණු අතර ඒවායින් සමහරක් පසු කලෙක ඔහු ඔහුගේ “බයිලා” තනු වලටද අනුගත කරගන්නා ලදී. උදාහරණයක් ලෙස 1901 දී හැරී ජේ. ලින්කන් (Harry J. Lincoln) විසින් Repasz Band March යනුවෙන් නිර්මාණය කරන ලද සංගීත කණ්ඩයක තනුව මත පදනම්ව ලංකාවේ ඉතා ඡනප්‍රියවූ “හායි හූයි බබි ආච්චී” ගීතය වොලී විසින්ර්මාණය කිරීම දැක්විය හැකිය.

ඉතා දීර්ඝ කාලයක සිට “වොලී” යන නම සෑම විටම පාහේ මතභේදාත්මක විය. වොලීට ඔහුගේ දෙමව්පියන් උපතේදී දුන් නාමය ඔගස්ටස් මර්ටලේනස් වෙයි. මෙය ඔහුගේ සීයා වන විල්හෙල්මස් මර්ටලේනස් සිහිපත්වීමට යොදාගත්තා විය හැකිය.   කෙසේ වෙතත් පවුලේ අය, සමීප ඥාතීන් සහ ඔහුගේ පැරණි අසල්වැසියන් පවා කුඩා ඔගස්ටස් ව හැඳින්වූයේ “ඔලි” හෝ “ඔලින්ටන්” යන ආදර නාමයෙනි. ශ්‍රී ලංකා සංස්කෘතිය තුල අන්වර්ත නාමයන් ඉතා බහුල බැවින් මෙය කිසිසේත්ම විමතියට කාරණයක් නොවේ.  තරුණ වියේදී ඔගස්ටස් තම නම පිළිබඳ එතරම් කැමැත්තක් දක්වා නැත. මේ නිසා සැමවිටම පාහේ ඔහු තමාව හඳුන්වා ඇත්තේ O.M. බැස්ටියන්ස් යනුවෙනි. ඔහුගේ සංගීත දිවිය ආරම්භයත් සමග ඔහු “ඔලී” යන අන්වර්ථ නාමය ප්‍රසිද්ධ වේදිකාවලදී “වොලී” ලෙස උචිතව  අනුවර්තනය කරගන්නා ලදී. ඔහු තම නමේ මුලකුරු වූ O.M. යන්න දිගටම පවත්වාගෙන ගිය අතර පසුකලෙක ඔහු තම නාමය ඔලින්ටන් මර්වින් බැස්ටියන්ස් ලෙස නීත්‍යානුකූලවම වෙනස්කරගන්නා ලදී.

වොලී ගේ මව වූ නැලෝ ප්‍රනාන්දු මැතිණිය සිංහල බෞද්ධ කාන්තාවක් වූ බැවින් ඇය බොහෝවිට කුඩා වොලීව පියදිගම වාලුකාරාම විහාරස්ථානයට කැටුව ගියේය. මෙමගින් වොලීට බුද්ධාගම පිළිබඳවද හොඳ දැනීමක් ලබාගන්නට හැකිවූ බව ඔහුගේ “දැඩිකල මගෙ මවුණි” වැනි ගීත තුලින්ද දිස්වේ. පාසල් වයසේදී වොලීව එවකටත්කොළඹ මරදානේ ඥාති නිවසක නතරවී ශාන්ත ඡෝසප් විද්‍යාලයේ ඉගෙණුම ලබමින්සිටි ඔහුගේ වැඩිමහල් සොයුරු සිරිල් බර්ට්රම් වෙත යවන ලද අතර ඒ අනුව වොලීටද මරදාන ශාන්ත ඡෝසප් විද්‍යාලයේ සිප්සතර හැදෑරීමට අවස්ථාව ලැබින.

ඔහුගේ ගීත එදිනෙදා ජීවිතය සහ ඔහු ඇසු දුටු සරල මිනිසුන් අළලා කල ප්‍රබන්ධවිය. ඔහුගේ ජනප්‍රිය ගීතවලින් එකක් වූ “නර්ස් නෝනා” ගීතය රෝහලක හෙද කාන්තාවක් අළලා නිර්මාණය කරන ලද ගීතයක් වන අතර, එම හෙද කාන්තාව අන් කිසිවකු නොව ඔහුගේම සහෝදරියක වූ ෆිලීෂියා ෆ්ලෝරන්ස්  හෙවත් “ඩොලි” බැස්ටියන්ස් (පසුව ඡයසේකර -මිය ගියේ 1996 දී) වෙනුවෙන් කරන ලද්දක් බව දන්නේ අතලොස්සකි. ෆ්ලෝරන්ස් ඇගේ පළමු දරුවා ඉපදුණු පසු 1944 දී හෙද රැකියාවෙන් ඉවත්ව ඇත. 1969 දී ඇය සිය පවුල සමග ඇයගේ රෝගී පියා වන හින්ටන් විල්මට් බැස්ටියන්ස් රැකබලා ගැනීම සඳහා බැස්ටියන්ස් පවුලේ පාරම්පරික නිවසට පැමිණින. 1996 වසරේ ෆ්ලෝරන්ස් ගේ වියෝවීමෙන් පසු 2024 වසර දක්වාම වොලී බැස්ටියන්ස් සහ ඔහුගේ සහෝදර සහෝදරියන් 8 දෙනා උපත ලැබූ පියදිගම පැරණි බැස්ටියන්ස් නිවසෙහි වාසය කළේ ෆ්ලෝරන්ස්ගේ පුතෙකු වන ආනන්ද ය. තම බිරිඳගේ අභාවයත් සමඟ ඒවනවිටත් මහලු වියට එලැඹෙමින් සිටි  ආනන්ද තම පාරම්පරික නිවස බාහිර පාර්ශවයකට විකුණා දමා තම පුතාට සමීප ස්ථානයකට සංක්‍රමණය විය.

Related Images:

Total Page Visits: 790 - Today Page Visits: 1


Comments are closed.